Thursday, November 28, 2024

යල කන්නයේ වගාවන් විනාශ වීමේ අවදානමක

ජලාශවල ඇති ජලය නියමිත ප්‍රමාණයට වඩා විදුලි උත්පාදනයට භාවිත කිරීමෙන් කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණු දෙනු ඇතැයි ගොවි වෘත්තිය සමිති පවසනවා.

සමස්ථ ලංකා ගොවිජන සේවා සම්මේලනයේ ප්‍රධාන ලේකම් නාමල් කරුණාරත්න පැවසුවේ මේ වන විට ජලාශවල ජල මට්ටම අඩුවී ඇත්තේ වියළි කාලගුණය හේතුවෙන් නොව විදුලි උත්පාදනයට වැඩි වශයෙන් ජලය ලබාගැනීම හේතුවෙන් බවයි.

මෙි අතර වී ගොවීන්ට ලබාදෙන වන්දිය තමන්ට ද ලබාදිය යුතු බව බඩඉරිඟු ගොවීන් පවසනවා. විනෝදය නිවුස් වෙත අදහස් දැක්වූ බඩඉරිඟු ගොවීන් පැවසුවේ පොහොර අර්බුදය හේතුවෙන් තම වගාවන්ට ද දැඩි හානියක් සිදුවූ බවයි.

කෙසේවෙතත් වන්දි ලබාදීම සිදුකරන්නේ වී ගොවීන්ට පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ තහවුරු කළා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles