කොවිඩ්-වසංගත අභියෝග මධ්‍යයේ වුවද ඉලෙක්ට්‍රොනික හා විදුලි අංශය පසුගිය වසරේ වාර්තා කළ ඩොලර් මිලියන 328ට සාපේක්ෂව එහි අපනයන ආදායමේ 30%ක වර්ධනයක් වාර්තා කර ඇත.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහාය ඇතිව, කොවිඩ්-වසංගත අභියෝග මධ්‍යයේ වුවද ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අපනයන ආදායම 2021 දී ළඟා කර ගැනීම සඳහා කර්මාන්තය සිය දැනුම, විශේෂඥභාවය, තරඟකාරිත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කර ඇත. 2025 වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 1 ක අපනයන ඉලක්කය කරා ළඟා වීමට මෙම අංශය අපේක්ෂා කරයි.
එසේම ශ්‍රී ලාංකේය ඉලෙක්ට්‍රොනික හා විදුලි කර්මාන්තය සැබෑ ශ්‍රී ලාංකීය ආත්මය තුළ ගෝලීය වෙළඳපල ප්‍රත්‍යස්ථතාවයෙන් යුතුව විකාශනය වීමේ අභියෝග වැලඳ ගනිමින්, වෙනස්වීම්වලට බිය නොවන, තරුණ, ගතික අපනයනකරුවෙකු ලෙස සිය සන්නාමය අඛණ්ඩව වර්ධනය කරයි.