Friday, November 29, 2024

ඇමති බන්දුල පාකිස්තාන අගමැති මුණ ගැසෙයි

ශ්‍රී ලංකා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඊයේ (25) දින පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හමුවිය.

ආචාර්ය ගුණවර්ධන සහ බාලසූරිය මහතා ශ්‍රී ලංකා ව්‍යාපාරික දූත පිරිසක් සමඟ 2022 ජනවාරි 20 සිට 27 දක්වා පාකිස්තානයේ සංචාරයක නිරත වේ.

2021 පෙබරවාරි මාසයේ සිය ශ්‍රී ලංකා සංචාරය ආදරයෙන් සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා දෙරට අතර පවතින ශක්තිමත් සහෝදර සබඳතා යළි තහවුරු කළේය.

පකිස්තාන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම තුළින් ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා වැඩි කර ගැනීමට ද සියලු උත්සාහයන් ගත යුතු බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles