පකිස්තාන මැතිවරණ කොමිසම අගමැති ඉම්රාන්ට හරස් වෙයි.

0
585
Cricket star-turned-politician Imran Khan, chairman of Pakistan Tehreek-e-Insaf (PTI), speaks to members of media after casting his vote at a polling station during the general election in Islamabad, Pakistan, July 25, 2018. REUTERS/Athit Perawongmetha

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් පැවැත්වීමට යන මැතිවරණ ප්‍රචාරක රැලි කිහිපයක් නවතා දමන දැමීමට කටයුතු කරන ලෙස එරට මැතිවරණ කොමිසම අදාළ බලධාරීන්ට නියෝග කොට තිබේ.

ඒ මේ දිනවල අදියර වශයෙන් පකිස්තානයේ කයිබර්පක්තුන්ක්වා පළාතේ පැවැත්වෙන ප්‍රාදේශීය මැතිවරණයට සමගාමීව විවෘත කිරීමේ උත්සව කිහියපයක් අතරතුර මහජන රැස්වීම් පැවැත්වීමට අගමැති ඉම්රාන් ඛාන් සැලසුම් කර තිබිණ.

එම රැස්වීම් අගමැතිවරයාගේ බලය, සහ රජයේ සම්පත් යොදාගෙන සිදුකරනු ලබන බවට චෝදනා එල්ල වී තිබූ අතර ඒ අනුව මේ සම්බන්ධයෙන් පකිස්තාන මැතිවරණ කොමිසම විසින් විමර්ශන ආරම්භ කරනු ලැබ තිබූ බව එරට වාර්තාවල සදහන් වේ.

එහිදී මෙම රැස්වීම් මැතිවරණ නීතිවලට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවක් බව තීරණය කර ඇති පකිස්තාන මැතිවරණ කොමිසම ඒවා නැවැත්වීමට පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට දැනුම් දී ඇතැයි එරට වාර්තා වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here