Friday, September 20, 2024

විදුලි කප්පාදුවකට අවසර දෙනවාද ? මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙි තීන්දුව අද

දෛනික විදුලි කප්පාදුවකට අවසර දෙන්නැයි ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද නැවත රැස්වනවා.

අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සදහා අවශ්‍යතාවයක් නොමැති බවයි පෙරේදා දිනයේදී ඔවුන් නිකුත් කල නිවේදනයක දැක්වුණේ.

උපකල්පන 03 ක් මත පදනම්ව දිනකට පැය 02 ත් 09 ත් අතර කාලයක විදුලි කප්පාදුවක් සඳහා අවසර දෙන ලෙසයි විදුලි බල මණ්ඩලය විසින් කොමිසමෙන් අවසර ඉල්ලා තිබුණේ.

පවත්නා ඉන්ධන තොග හා ඒවා බලාගාර වලට ලබාදීය හැකි දින පිළිබද තොරතුරු ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබාගත් බවද මහජන උපයෝගීතා කොමිසම කියාසිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles