විමල් රාවනා බලයට වාහන සැපයීම ගැන පරීක්ෂණ ඇර‍ඹේ..

0
486

බරපතල වංචා දූෂණ විමර්ශන කිරීමේ ජනාධිපති කොමිසම නව විමර්ෂණයක් අරඹා ඇති බව වාර්තා වෙනවා. ඒ, “රාවණා බලය” සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් තම කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ව්‍යාජ ලෙස හඳුන්වා දෙමින් නිවාස, ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යාවරයා ලෙස මහින්ද රාජපක් සමයේ කටයුතු කළ විමල් වීරවංස එම අමාත්‍යාංශයේ වාහනයක් ලබා දී ඇති බවට අනාවරණය වීම නිසායි. ජනාධිපති පරීක්ෂණ කොමිසම මේ වනවිට සිදු කර ඇති විමර්ශනවලදී මේ වන විට හෙළි වී ඇති අන්දමට, විමල් වීරවංසගේ සෘජු නියෝග මත එම හිමියන්ගේ නමට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන හ‍තක් ලබා දී ඇත.

ලබන 13දා, රාවණා බලයේ කැඳවුම්කරු වන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කොමිසමේ විමර්ශන අංශය වෙත කැඳවා මේ සම්බන්දව ප්‍රකාශයක් ලබා ගැනෙනු ඇති. රාජගිරිය ප්‍රදේශයේ කුලී පදනම මත වාහන ලබාදෙන කාන්තාවකගෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතු වැඩබිම් සඳහා කුලී පදනම මත මෙම වාහන ලබාගෙන ඇත. කුලී පදනම මත ආයතන සඳහා ලබාගන්නා වාහන පිටස්තර අයට ලබාදීමට හැකියාවක් නොමැති බවයි සඳහන් වෙන්නේ. මේ නිසා, සංස්ථාවට කිසිඳු සම්බන්ධයක් නොමැති මෙම ස්වාමීන් වහන්සේට සංස්ථාවේ වාහන පරිහරණය සඳහා ලබා ගැනීමට හැකියාවක් නොමැති බව විමර්ශනවලදී කරුණු හෙළි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here