දෙවන ලෝක යුද සමයේ අතුරුදන් වූ ගුවන් යානයක් හිමාල කඳුකරයෙන් මතුවෙයි.

0
567

දෙවන ලෝක සංග්‍රාමය අතරතුරදී අතුරුදන් වූ ගුවන් යානයක් අනතුරට පත් වී වසර 80කට පමණ පසු ඉන්දියාවේ හිමාල කඳුකර ප්‍රදේශයකදී සොයා ගෙන ඇති බව වාර්තාවේ.

C-46 වර්ගයට අයත් මෙම ප්‍රවාහන ගුවන් යානය 1945 දී අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයක කුණාටු සහිත කාලගුණයකදී අතුරුදහන් වූ විට දකුණු චීනයේ කුන්මිං සිට පුද්ගලයින් 13 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබිණ.

විශේෂ පර්යේෂණ කණ්ඩායමක් විසින් හිමෙන් වැසී ගිය කඳු මුදුනක දී යානය සොයා ගත් බවත් එහිදී යානයේ අංකයෙන් සුන්බුන් හඳුනා හැකිවී ඇති බවත් පැවසේ.

කෙසේවෙතත්, මෙහිදී යාත්‍රාවේ සුන්බුන් අතර තිබී කිසිදු මිනිස් ශරීර කොටසක් සොයාගැනීමට හැකියාවක් නොලැබුණු බව මෙම පර්යේෂණ කණ්ඩායම සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here