වීදි චිත්‍ර ශිල්පීන්ට හැඳුනුම්පතක්..

0
395

වීදිචිත‍්‍ර ශිල්පීන්ට හැඳුනුම්පතක් ලබාදීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල නිර්මාණකරණයේ යෙදෙන වීදි චිත‍්‍ර ශිල්පීන් සඳහා සති දෙකක් තුළ අදාළ හැදුනුම්පත නිකුත් කරන ලෙසයි අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කොළඹ නාගරික කොමසාරිස්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ.

පොලිස් නිළධාරීන්ගෙන් තමන්ට ඇතැම් අවස්ථාවලදී ඇතිවන ගැටලු හේතුවෙන් මෙලෙස හැදුනුම්පතක් නිකුත් කරන ලෙස කොළඹ වීදි චිත‍්‍ර ශිල්පීන්ගේ සංගමය කළ ඉල්ලීමකට අනුව නව හැදුනුම්පත නිකුත් කිරීමට තිරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here