Monday, September 23, 2024

COVID-19 මඬින්න බදුත් ගසයි..!

කෝවිඩ් වසංගතය පාලනය කිරීම සදහා විශේෂ බද්දක් හදුන්වා දෙන්නැයි ඉන්දියාවේ කාර්මික නිෂ්පාදන සහසංසදය එරට මධ්‍යම රජයෙන් සහ ප්‍රාන්ත රජයන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

සියයට එකක් තරම් වන නව බද්දක් හරහා එන්නත්කරණය තවදුරටත් පුලුල් කළ හැකි බවත් කෝවිඩ් වසංගතය පාලනය කිරීම සදහා වන වෙනත් සෞඛ්‍ය පහසුකම් තවදුරටත් සංවර්ධනය කළ හැකි බවත් එම සහසංසදය පෙන්වා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත්, කෝවිඩ් වසංගතය හරහා බිදවැටුණු ආර්ථික ක්‍රියාකාරකම් යළි නගා සිටුවීම සදහා විශේෂ සහන වැඩසටහන් අවශ්‍ය බව ද එම සංවිධානය ඉන්දීය බලධාරීන්ට අවධාරණය කර ඇත.

මේ අතර ඉන්දියාව තුළ ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය පුලුල් ලෙස ව්‍යාප්ත වී තිබුණ ද එහි බලපෑම තවමත් සෞඛ්‍ය අංශවලට පාලනය කළ හැකි මට්ටමක පවතින බව එරට වාර්තා සදහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles