ගෑස් අත්‍හිටුවීමට විරෝධය පළකර පාකිස්තානයේ උද්ඝෝෂණ

0
523

ගෘහස්ත පාරිභෝගිකයින්ට ස්වභාවික ගෑස් සැපයුම අත්හිටුවීමට විරෝධය පළ කරමින් පාකිස්තානයේ නවුෂෙරාහි පදිංචිකරුවන් මාර්ග අවහිර කරමින් විරෝධතාවයක නිරත වූ බව වාර්තා වේ.

මෙම විරෝධතාව හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වූ බවත් එදිනෙදා ජනජීවිතයට බාධා එල්ල වී තිබූ බවත් එරට වාර්තාවල දැක්වේ.

ගෑස් වරින් වර අත්හිටුවීමත්, අඩුවායු පීඩනයටත් විරෝධය පළ කරමින් මෙම විරෝධතා පැවති බව එම වාර්තා වැඩිදුරටත් අනාවරණය කළේය.

සතියක් ඇතුළත ප්‍රශ්නයට විසඳුම් නොලැබෙන්නේ නම් මෙම විරෝධතා තවත් පුළුල් කරන බව ද විරෝධතාකරුවෝ මෙහිදී සදහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here