ඉන්ධන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 500 ක්. විදුලිය ගන්නත් සාකච්ඡා ?

0
285

ඉන්ධන ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කොට ඇති අතර ඊට එරට රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම ණය මුදල ඉදිරි දින කිහිපය ඇතුළත ලංකාවට ලැබෙනු ඇති බව පැවසේ.

එම මුදල්වලින් මාර්තු මාසය වන විට ඉන්ධන ආනයනය කිරීමට හැකිවනු ඇති බවයි බලශක්ති අමාත්‍යංශය පැවසුවේ. එම ණය මුදල ලබාගැනීම සඳහා ඉකුත්දා ඉන්දිය විදේශ අමාත්‍ය එස් ජේයි ශංකර් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා.

මීට අමතරව මේ වනවිට බරපතල අර්බුදයක් බවට පත්වෙමින් තිබෙන විදුලි අර්බූදය විසදා ගැනීම සදහා ඉන්දියාවෙන් ඍජුවම විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් ද මේ වනවිට සාකච්ජා ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here