Sunday, September 22, 2024

රාජිතට එරෙහි මෝදර ධීවර වරාය නඩුවට දින නියම කෙරේ

2014 වසරේ 2014 වසරේ අගෝස්තු මස 1 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 1 වනදා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමකට බදුදීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කරමින් එවකට ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි මාර්තු මස 30 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ,එම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එහිදී අල්ලස් කොමිසම විසින් එම නඩුවට අදාළ ලේඛන කිහිපයක් විත්ති පාර්ශවයේ නීතිඥවරු වෙත භාරදුන් අතර ඒවා අධ්‍යයනය කර අඩුපාඩු තිබේනම් අධිකරණය හමුවේ කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කළේ.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා ඒ පිළිබඳව දැනුම් දීම සඳහා නඩුව මාර්තු මස 30 වනදා නඩුව කැඳවන ලෙස නියම කරන ලදි.

එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර ඇත.

මෙහිදී අල්ලස් කොමිසම මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර ඇත්තේ චෝදනා පහක් යටතේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles