Sunday, September 22, 2024

නාමල් අගමැතිට කළේ නෑ කී සැත්කම ගැන චමල් කියයි

අග්‍රාමාත්‍යවරයා ශල්‍යකර්මයකට ලක් වී සිටින බව වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ ඊයේ (27) ගම්පොලදී ප්‍රකාශ කළේය.

ගම්පොල නාරන්විට ශ්‍රී සම්බුද්ධි ජයන්ති විහාරයේ  සක්මන් බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවරණය කරන අවස්ථාවට එක් වෙමින්  අමාත්‍යවරයා මේ බව කීවේය.

“ අග්‍රාමාත්‍යතුමා මෙම උත්සවයට සම්බන්ධ කරගන්න බැරිවුනා  එතුමා හදිස්සියේ ශල්‍යකර්මයකට භාජනය වෙච්චි නිසා.  සමරු කලාපයට එතුමාගෙ සුභාශිංශන පණිවිඩය නිකුත් කරලා තියනවා. “

එහෙත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මාධ්‍යයට ප්‍රකාශ කළේ සිය පියා කිසිම ශල්‍යකර්මයක් සඳහා භාජනය නොකළ බවය.

Lankasara

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles