Sunday, September 22, 2024

නව ප්‍රභේද රටට ඇතුළු වුනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි ක්‍රියාමාර්ග නිසා – රවි කුමුදේශ්

නව ප්‍රභේද රටට ඇතුළුවෙන එක වැලැක්වීමට ඉතා පහසුවෙන් ගත හැකි ක්‍රියා මාර්ග, සෞඛ්‍ය අමාත්‍යාංශය හිතා මතාම වැලැක්වූ බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ් මහතා පැවසුවේ මේ වෙනකොට පැතිරෙන වසංගත රැල්ල ඔමික්‍රෝන් නිසා ඇතිවන එකක් බවත් එන්නත නිසා මරණ අඩුවුවත් කොවිඩ් අතහැරලා දැමීමේ ආදිනව දැන් අපි අත්විදිමින් සිටින බවයි.
මේ වන විට කොරෝනා රෝගීන්ගේ ධාරිතාවේ සීමාව ඉක්මවමින් සිටින අතර PCR කිරීමට පවා පහසුකම් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමැති බවද කුමුදේශ් මහතා පැවසිය.

කොවිඩ් කාර්‍යසාධන බලකායක් පිහිටුවා සෞඛ්‍ය යාන්ත්‍රණය හැසිරවීම හේතුවෙන්, වෘත්තීවේදීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමුහික තීර්ණ ගැනීමේ යාන්ත්‍රණය අහෝසි වූ අතර, කොවිඩ් කාර්‍යසාධන බලකාය අහෝසි කිරීමත් සමග බිම් මට්ටමේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් පිළිබදව සාකච්චා කීරිමට පාවා තැනක් නොමැති තත්වයකට පත්වීම හේතුවෙන් මෙවන් තත්වයන් වලක්වා ගැනීමට නොහැකි වී ඇති බව හෙතෙම පැවසිය.

එකදු මැලේරියා, බරවා රෝගියෙකු පවා නොමැතිව එම රෝග පාලනය සදහා පාර්ශවකාර වෘත්තීයවේදීන් නිතිපතා සාකච්චා කරමින් සිටියදී, කොවිඩ් පාලනය සදහා පාර්ශවකරුවන් අතර කිසිදු සාකච්චාවක් නොවීම මගින් තහවුරු වී ඇත්තේ කොවිඩ් කාර්ය සාධන බලකායත් සමග කොවිඩ් වසංගතයත් විසිරුවා හැර ඇති බවට ඇතැම් සෞඛ්‍ය බලධාරීන් විශ්වාස කරන බවක් ඇති බව රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles