Saturday, September 21, 2024

රැකියාවට පාපැදියෙන් යන්න කියන අය ගමන් යන්නේ V8 වල

පාපැදියෙන් රැකියාවට යන ලෙස කියා ආණ්ඩුව ජනතාවට යෝජනා කරන බවත්, එහෙත් එසේ යෝජනා කරන පුද්ගලයන් ගමන් යනුයේ V8 වැනි සුඛෝපභෝගී මෝටර් රථවල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.

මේ වන විට “තරගෙට මෙන්” රාජ්‍ය ආයතනවල සභාපතිවරු ඉල්ලා අස්වෙන බවත්, එසේ අස්වන්නේ හොරකම, අල්ලස, දූෂණය, වංචාව එම ආයතන තුළ පවතින නිසා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

දැන් තරඟෙට සභාපති වරු ඉල්ලා අස්වෙන බවත් එසේ අස්වන්නේ හොරකම, අල්ලස, දූෂණය, වංචාව ඒවා තුළ ඇතිනිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කොවිඩ් ව්‍යසනය තුළින් අපේ රට දැවැන්ත වසංගතයකට මුහුණ දෙන අවස්ථාවේ මෙරට යල්පැන ගිය දේශපාලනය වෙනස් කරමින් විපක්ෂයක් ලෙස රටට අගයක් එකතු කළ බව පැවසූ විපක්ෂ නායකවරයා, සෙසු සියලු දේශපාලන පක්ෂ වලටද ඊට ආරාධනා කළේය.

සෞභාග්‍ය දැක්ම වෙනුවට අභාග්‍යයේ දැක්ම නිර්මාණය වී ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා , කිරිපිටි පෝලිම්, තෙල් පෝලිම්, සිමෙන්ති පෝලිම් රටපුරා වෙලා තියෙන බවත් පැවසිය

කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. නමුත් අදටත් මේ රටේ දරුවන් අධ්‍යාපන කටයුතුවලට සිග්නල් නැතුව වහලවල් උඩට නගිනවා” යැයි හෙතෙම පැවසීය.

ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” යැයි කියා තමන් ඔවුන්ට පවසන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය. මේ වන විට “තරගෙට මෙන්” රාජ්‍ය ආයතනවල සභාපතිවරු ඉල්ලා අස්වෙන බවත්, එසේ අස්වන්නේ හොරකම, අල්ලස, දූෂණය, වංචාව එම ආයතන තුළ පවතින නිසා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජනබලවේගයෙන් හුස්මක්” සහ “ජනසුවය” ඒකාබද්ධව මීගොඩ ආයුර්වේද රෝහලට ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කරනු ලැබූ අවස්ථාවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. ඊයේ (27 වැනිදා) පෙරවරුවේ විපක්ෂ නායකවරයා විසින් අදාළ ත්‍රිරෝද රථය රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

“අද අපිට තමයි හොඳටම කරන්න පුළුවන් කියල ආණ්ඩුවත් කියනවා, තවත් පාර්ශ්වත් කියනවා. ඒගොල්ලන්ටලු රටේ ප්‍රශ්න හොඳටම විසඳන්න පුළුවන්. බොහොම හොඳයි. එහෙනම් ඒක ක්‍රියාවෙන් ඔප්පු කරන්න. මේ ආණ්ඩුව සංදර්ශනවලට දක්ෂයි. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. නමුත් අදටත් මේ රටේ දරුවන් අධ්‍යාපන කටයුතුවලට සිග්නල් නැතුව වහලවල් උඩට නගිනවා” යැයි හෙතෙම පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles