Saturday, September 21, 2024

ක්ෂිරපථයේ ඈතින් භ්‍රමණය වන අසාමාන්‍ය රේඩියෝ තරංග නිකුත් කරන වස්තුවක් !

ක්ෂීරපථයේ භ්‍රමණය වන හඳුනා නොගත් ආකාශ වස්තුවක් හමුව ඇති බව ඔස්ටේ‍්‍රලියානු පර්යේෂකයන් පිරිසක් පවසනවා.

එරට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු විසින් පළමු වරට සොයා ගනු ලැබූ එය විනාඩි 18 කට වරක් ගුවන් විදුලි තරංග නිකුත් කරන බවටයි නිරීක්ෂණය කර ඇත්තේ.

අපගේ විශ්වයේ ශක්තිය ස්පන්දනය වන වස්තූන් බොහෝ විට නිරීක්ෂණයන් සඳහා ලේඛනගත කර ඇත. නමුත් පර්යේෂකයන් පවසන්නේ මිනිත්තුවකට වරක් ක්‍රියාත්මක වන මෙම තත්වය ඉතා අසාමාන්‍ය බවයි.

ගුවන්විදුලි තාරකා විද්‍යා පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ කර්ටින් විශ්වවිද්‍යාල තාරකා විද්‍යාඥ ආචාර්ය නටාෂා හර්ලි-වෝකර් සඳහන් කර ඇත්තේ හඳුනා නොගත් ආකාශ වස්තුව පැයකට තුන් වතාවක් විනාඩිය බැගින් තරංග නිකුත් කිරීම මෙම පර්යේශණය නව මානයකට යොමු කළ බවයි.

ක්ෂිරපථයේ ඈතින් භ්‍රමණය වන අසාමාන්‍ය වස්තුවක් හමුවී ඇති බවට ඕස්ට්‍රේලියා තාරකා විද්‍යාඥයින් පිරිසක් මත පළකර තිබෙනවා.

සුපර්නෝවා ලෙස හැදින්වෙන දැවැන්ත තාරකාවක් බිදී යාමෙන් ඇතිවූ බවට සැලකෙන නිරන්තරයෙන් භ්‍රමණය වන මෙම ආකාශ වස්තුව දළවශයෙන් පැයකට තුන්වරක් ශක්තිය මුදා හරින බවයි වාර්තා වන්නේ. එම ශක්තීන් භ්‍රමණය කර ගැනීමට පෘථිවියේ තාරකා විද්‍යාඥයින් සමත් වී තිබෙනවා. එය විශ්මය දනවන සුළු ආකාශ වස්තුවක් බවයි සැලකෙන්නේ. සෞරග්‍රහමණ්ඩලයේ සිට ආලෝක වර්ෂ 4200ක් ඈතින් පිහිටි මෙම ආකාශ වස්තුව නියුට්‍රෝන තාරකාවක් ලෙස ද සැලකෙනවා.

ගුවන්විදුලි තාරකා විද්‍යා පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (the International Centre for Radio Astronomy Research -ICRAR) කර්ටින් විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥ ආචාර්ය නටාෂා හර්ලි-වෝකර් විසින් මෙම කණ්ඩායම මෙහෙයවයි.

ICRAR සඳහන් කළේ, වසර ගණනාවක දත්ත නරීක්ෂණයෙන් පසුව පසුව, මෙම වස්තුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4,000 ක් පමණ දුරින් ඇති බවත්, ඇදහිය නොහැකි තරම් දීප්තිමත් වන අතර අතිශයින් ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයක් ඇති බවත් තහවුරු කර ගැනීමට සිය කණ්ඩායමට හැකි වූ බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles