ඇමතිගේ ඉඳන් සභාපති වෙනකන් සුදුළුෑණු වංචාවට සම්බන්ධ බව සුදුළුෑණු ගෙන්වූ ව්‍යාපාරිකයන් කියයි

0
276

ආන්දෝලනාත්ම සුදුළුෑණු වංචාවට අදාල සුදු ලුණු තොග තම සමාගම්වල බව මෙරටට සුදුළුණු ගෙන්වන සමාගම්වල අයිතිකරුවන් කියා සිටිති.

අදාල ගනුදෙනුව හේතුවෙන් තම සමාගම් වලට කෝටි හතරකට අධික මුදලක් පාඩු වූ බවද ඔවුන් පවසති.

මෙම සුදුළුෑණු සතොස ගබඩා වලට නොගොස් කෙළින්ම ඉන්දියානු ව්‍යාපාරිකයන්ගේ ගබඩා වලට ගිය බවද ඔවුන් චෝදනා කරති.

අමාත්‍යවරයා සිට සභාපති දක්වාම මෙම වංචාවට සම්බන්ධ බවද ඔවුන් පෙන්වා දෙති.

මේ රට තුළ නැවතත් තමන් ව්‍යාපාර නොකරන බවද අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඔවුන් කියා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here