Sunday, September 22, 2024

කිසිදු යුක්තියක් මේ වනවිට ඉටුවී නොමැත

වසර කිහිපයකට පෙර අතුරුදන් වූ ජනමාධ්‍යවේදීන් ඝාතනයට ලක්වූ ජනමාධ්‍යවේදීන් පහරදීමට ලක්වූ ජනමාධ්‍යවේදීන් පහරදීම් වලට ලක්වුණු මාධ්‍ය ආයතන වලට සාධාරණය ඉෂ්ට කරන ලෙස ඉල්ලා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ  සභාපති දුමින්ද සම්පත් අද (29) දින කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට අත්පත්‍රිකා බෙදීමක් සිදුකරන ලදි.

එහිදි අදහස් දැක්වු දුමින්ද සම්පත් මහතා

“පසුගිය වසර කිහිපයක පටන් මාධ්‍ය වේදීන් රැසක් ඝාතනයට ලක්වුනා පහරකෑම් වලට ලක් වුණා.

“ජන මාධ්‍ය ආයතන ගිනි බත් කළා.

“ජනමාධ්‍ය ආයතන වල සේවය කරන ජනමාධ්‍යවේදීන්ට විවිධාකාරයේ හිරිහැර  කම් වලට ලක්වීමට සිද්ධ වුණා”

“එම සියල්ල සිදුවී දශක එකහමාරක්  කාලය තුළ බලයට පත්වන ලද පාලකයෙක් හෝ කිසිම රජයක් විසින් එයට  මෙතෙක් සාධාරණයක් ඉටු කර නොමැත.”

කිසිදු යුක්තියක් මේ වනවිට ඉටුවී නොමැත”

වසරක් වසරක් පාසා කළු ජනවාරිය සැමරීමට හේතුව එය වන බවට ඔහු සඳහන් කළේය.

මෙය මෙසේ සිදු කළ ද ඉදිරියේදිත් කිසිදු යුක්තියක් ඉටු වන ලකුණු දැක ගැනීමට නොහැක.

මෙය ජාත්‍යන්තරය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එහිදී එම මහතා සඳහන් කරන ලදි.

මේය සඳහා ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය ,දෙමළ මාධ්‍ය සංසදය යන සංවිධාන එක්ව සංවිධානය කරන ලදි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles