Sunday, September 22, 2024

අර්තාපල් යැයි හඟවමින් නීතිවිරෝධීව ගෙන්වූ බීට්රූට් කිලෝ 16000 ක් රේගු භාරයට

අර්තාපල් යැයි හඟවමින් නීතිවිරෝධීව ආනයනය කළ රුපියල් ලක්‍ෂ 30 කට අධික වටිනාකමින් යුත් බීට්රූට් කිලෝ 16,000 ක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීන් බාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා සදහන් කළේය.

මේය පාකිස්තානයේ සිට මෙරටට ආනයනය කළ සැකකටයුතු ශීතකරණ සහිත බහාලුම් දෙකක් පරීක්ෂා කිරීමේදී එහි සූක්‍ෂම ලෙස සඟවා තිබූ මෙම බීට්රූට් සොයාගත් බවට එම මහතා සදහන් කරන ලදි.

මේය වත්තල පිහිටි සමාගමක් විසින් බහලුම් තුළ ඉන්දියාවෙන් ආනයනය කරන ලද අර්තාපල් කිලෝග්‍රෑම් 53,000 අඩංගු බව රේගුවට ප්‍රකාශ කර තිබූ බව ද සඳහන් කරන ලදි.

මෙම බීට්රූට් තොගය අර්තාපල් අඩංගු බෑගවලට සමාන බෑගවල අසුරා එම බහාලුම්වල ගැඹුරු අන්තයේ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ බවත් එය නිෂ්කාශනය සඳහා පැමිණි වාප්පු ලිපිකරු රේගුව විසින් රඳවා ගෙන ප්‍රශ්න කරන බවට අනාවරණය වන ලදි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles