Monday, September 23, 2024

තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට තෙල් දෙන්නෙ රීලෝඩි ක්‍රමයට – රංජන් ජයලාල්

දුරකතථයට රීලෝඩ් දමන ආකාරයට තෙල් සංස්ථාව ද විදුලිබල මණ්ඩලයට දින 3 හා දින 8 පැකේජ දෙමින් දැඩි අසීරුවකින් තෙල් සැපයීම් කරන බවට  සමස්ත ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සදහන් කරයි.

මේ කුමන ගැටය ගැහුවත් රටම අඳුරේ වැටෙන නිශ්චිත දිනයක් පැමිණෙන බව ද ඒ මහතා සදහන් කරන ලදි.

මේ අතරතුර මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල වැඩි කිරීමට අනුමැතිය දීම අනුමත නොකරන බව ද එහිදි ඒ මහතා අවධාරණය කළේඑය.

ජලාශවල ජල මට්ටම ඉතා පහළට බැස ඇති අතර තවත් දින 8 කට පමණක් ජලය ප්‍රමාණවත් බවත් විදුලිය සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් රට හමුවේ පවතින බව සදහන් කරන ලදි.

පරිසර ඇමති විසින් ජනතාවට පාපැදිවලින් පැමිණ රාජකාරි කරන්න යැයි කීම ඔළමොට්ටළ ප්‍රකාශයක් බවට සදහන් කළේය.

එසේ නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම පාපැදිවල පැමිණ රටට පළමුවෙන් ම ආදර්ශයක් සපයන ලෙසත් ජයලාල් මහතා ඉල්ලීමක් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles