Tuesday, September 24, 2024

සමගි ගොවිජන ප්‍රකාශනය එළිදැක්වීම අද පරාක්‍රම සමුද්‍රය අසබඩදී

සමගි ගොවිජන ප්‍රකාශනය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසබදී අද එළිදැක්වෙනවා.

කෘෂිකර්මාන්තය නගා සිටුවීම, ගොවියාගේ ආර්ථිකය නගා සිටුවීම, අනාගතයේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් භාවිත කරන ක්‍රමවේද මීට අන්තර්ගත බව සමගි ජන බලවේගය සඳහන් කළේය.

ගොවි නායකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන මෙම වැඩපිළිවෙල සඳහා රටේ සමස්ත ගොවි ජනතාවට ආරාධනා කරන බවද සමගි ජන බලවේගය කියාසිටියා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් එළි දැක්වෙන මෙම ප්‍රකාශනයෙන් ඉදිරි සමගි ජනබලවේග රජයක් යටතේ ගොවීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ගන්නා පියවර පිළිබඳ පැහැදිලි කෙරෙන බව සමගි ගොවි බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles