Monday, September 23, 2024

රට වැහුවොත් ප්‍රශ්නයක්

ඉදිරියේදී යම් හෙයකින් රට වසා දැමීමකට ලක්වුවහොත් මාසික වේතනය ලබා ගන්නා පුද්ගලයින්ට ද ගැටලුවක් ඇති විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

එවැනි තත්ත්වයකට රට පත් නොකිරීම සඳහා ජනතාව පූර්ණ එන්නත්කරණයට යොමුවී සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කළ යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේ.

වඩා වැදගත් වන්නේ පැතිරෙමින් පවතින්නේ කුමන වෛරස් ප්‍රභේදය යන්න නොව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles