Monday, September 23, 2024

පෙබරවාරි 1 වනදා සිට
මාකුඹුරෙන් නව දුර ගමන් සුඛෝපභෝගී බස් සේවයක් !

මාකුඹුර ප්‍රවාහන මාධ්‍යස්ථානයේ සිට දුරගමන් සේවා සුඛෝපභෝගී බස් සේවාවක් ප්‍රධාන නගර 25 ක් දක්වා ලබන 1 වැනිදා ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පවසයි.

එය ප්‍රධාන නගර 25 ක් දක්වා ලබන 01 වැනිදා සිට ආරම්භ කෙරෙනවා.

ජනතාව දීර්ඝ කාලයක් සිට කළ ඉල්ලීමකට අනුව මෙම බස් සේවය ආරම්භ කරන බව අධ්‍යක්‍ෂ ජනරාල් වරයා පැවසුවේය.

මුලතිව්, අක්කරෙයිපත්තුව, මඩකළපුව, ඇඹ්ලිපිටිය සහ මොණරාගල ආදි සමස්ත රටම ආවරණය වන පරිදි මෙම බස් රථ සේවය ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩි දුරටත් කීයා සිටින්නේ මෙම බස් රථ ධාවනය අධිවේගී මාර්ගය සහ සාමාන්‍ය මාර්ගය යන මාර්ග දෙකම භාවිත කරමින් ධාවනය වන බවයි.  

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles