Monday, September 23, 2024

රෝසි සේනානායක කුමන්ත‍්‍රණය කර ලෝක රූ රැජින කිරුල අහිමි කළා – පුෂ්පිකා

ලෝක විවාහක රූ රැජින කිරුළ තමන්ට අහිමි වූවා නොව අහිමි කලා යයි ඇමරිකාවේ පැවති එම තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා සඳහන් කරයි.

රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ මෙම කුමන්ත්‍රණකරුවන් බවත් ඇය කියා සිටියි.

ඔවුන් තමන් සම්බන්ධයෙන් විනිශ්චය මණ්ඩලයට බලපෑම් කළ බවත් කේලාම් කී බවත් ඇය චෝදනා කරයි.

තරගාවලිය නියමාකාරයට පැමිණි පැවැත්වූයේ නම් කිරුළ ලැබිය යුත්තේ තමන්ට බව ද විනිශ්චය මණ්ඩලය පවා තමන්ට ඡන්දය ප්‍රකාශ කර තිබූ බවත් එහි තිර සටහන් තමන්ට පෙන්වූ බවත් ඇය සඳහන් කරන්නීය.

ඇගේ මෙම ප්‍රකාශයන්ට බොහෝ දෙනෙක් පිළිතුරු ලබා දී තිබූ අතර,  චන්දිමාල් ජයසිංහ ද සිය මුහුණු පොතට සටහනක් එක් කරමින් “අනුන්ට දික් කරන ඇගිල්ලත් තමන්ගේ කියලා මතක තියාගන්න.” යනුවෙන් සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යලි අදහස් දක්වමින් පුෂ්පිකා කියා සිටියේ ඇමරිකාවේ පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී තමනට අසාධාරණයක් වූ බවයි. එම අසාධාරණකම් නොතිබුනේ නම් තමන් එම තරගාවලියෙන් ජය ගැනීමට ඉඩ තිබූ බවත් ඇය කියා සිටී.

YouTube නාලිකාවක් සමඟ සාකච්චාවක් පවත්වමින් පුෂ්පිකා ද සිල්වා විවාහක රු රැජින තරඟයේ තිරය පිටුපස සිදුවූ සිදුවීම් සියල්ල හෙළි කරමින් කියා සිටියේ රෝසි සේනානායක ඇතුළු සියලුදෙනා කුමන්ත්‍රණ කරමින් තම ජයග්‍රහණය නැති කල බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles