Sunday, September 22, 2024

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ආරම්භ වී අදට වසරක් පිරේ

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ආරම්භ වී අදට (29) වසරක් සම්පූර්ණ වී තිබේ.

මේ වන විට එන්නත්කරණ වැඩසටහනේ ලොව පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාව පත්ව ඇති බව මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඊට සමගාමීව සතියක් ඇතුළත බූස්ටර් එන්නත ප්‍රචලිත කිරීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ කරන බව ඔහු පැවසුවේය.

එමෙන්ම මේ වන විට එන්තත් මාත්‍රා 35,634,497ක් ලබා දී ඇති බව අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව, සයිනොෆාම් එන්තත් මාත්‍රා 23,029,353 ක්, ෆයිසර් එන්තත් මාත්‍රා 7,798,598 ක්, ඇස්ට්‍රා සෙනෙකා එන්තත් මාත්‍රා 2,899,460, මොඩර්නා එන්තත් මාත්‍රා 1,592,162 සහ ස්පුට්නික් එන්තත් මාත්‍රා 314,924ක් වශයෙන් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles