Sunday, September 22, 2024

වසර තිහකට පසු නවසීලන්තය ඉහළම උද්ධමනය වාර්තා කරයි

නවසීලන්තයේ වාර්ෂික උද්ධමන අනුපාතිකය දශක තුනකට පසු ඉහළ අගයක් පෙන්නුම් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. එරට පාරිභෝගික මිල දර්ශකය පසුගිය වසරේ අවසන් මාස 3දී 5.9%කින් ඉහළ ගොස් ඇතැයි ද, 1990 දශකයේ මැද භාගයෙන් පසු මෙවැනි උද්ධමන වේගයක් නවසීලන්තයෙන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවත් බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉහළ යන ජීවන වියදම මැඬ පැවැත්වීමට ඉදිරි පියවර ගන්නා බව නවසීලන්ත රජය ජනතාවට සහතික වී ඇති අතර, මෙවැනි අගයකින් උද්ධමනය ඉහළ යෑම රජය අපේක්ෂා නොකළ තත්ත්වයක් බව ද කියැවේ.

නවසීලන්තය පමණක් නොව තවත් සංවර්ධිත රටවල් රැසක ඉහළ උද්ධමනයක් පෙන්නුම් කරන බවත්, එය කොවිඩ් වසංගතය හේතුවෙන් සිදුවූවාක් බවත් එරට රජයේ ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.

නවසීලන්තයේ ඉදි කිරීම් ක්ෂේත්‍රය තුළ මෙන්ම නිවාස කුලිය ඉහළ ගොස් ඇති අතර, පෙට්‍රල් මිල ද 30%කින් ඉහළ ගොස් ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles