උතුරු කොරියානු නායකයා නවතම මිසයිල දෙකක් අත්හදා බැලූ බව නිවෙිදනය කරයි

0
291

තමන් සිය නවතම මිසයිල වර්ග දෙකක් අත්හදා බැලූ බවත් එම අත්හදා බැලීම් සාර්ථක වූ බව කිම් ජොං-උන් ප්‍රමුඛ උතුරු කොරියානු පාලනය ඊයේ (28) නිල වශයෙන් නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය සිය රට ලැබූ ඉහළතම ජයග්‍රහණයක් ලෙසට යි පියොංයැං පාලනය හුවා දක්වන්නේ.

පසුගිය දින ගණනාව පුරා උතුරු කොරියාව මිසයිල කිහිපයක් එල්ල කළ අතර දකුණු කොරියාව, ජපානය වැනි අසල්වැසියන් මෙන්ම අමෙරිකා එක්සත් ජනපදය ද ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වූවා.

එම රටවල් විශ්වාස කරන්නේ සිය අවි බලය තවදුරටත් වර්ධනය කර ගැනීමේ කාර්යය උතුරු කොරියාව වේගවත් කර ඇති බව යි.මාධ්‍ය වාර්තා කරන්නේ.

නවතම අත්හදාබැලීම්වලට අදාළ මිසයිල වර්ග දෙක ඉලක්කය වෙත මග සොයාගෙන යා හැකි වර්ගයේ ඒවා බවයි උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය පවසන්නේ.

සාගරයෙහි ස්ථාපනය කර තිබූ ඉලක්ක වෙත මේවා එල්ල කළ බවත්, එහි දී එම මිසයිල ඉතා නිවැරදි ලෙස ඉලක්ක වෙත ලඟා වූ බවත් එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය සහ කිම් ජොං-උන්ගේ පාලනය අතර සාකච්ඡා 2019 වසරේ දී බිඳ වැටුණා.

ඉන් අනතුරුව එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා ද ඇණහිට ඇති අතර එවන් මොහොතක යි උතුරු කොරියාව මෙලෙස දිගින් දිගටම සිය අවි බලය ලොවට ප්‍රදර්ශනය කරමින් සිටින්නේ.

උතුරු කොරියානු පාලනයත් සමග සාකච්ඡා පැවැත්වීමට වත්මන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කැමැත්ත ප්‍රකාශ කළ ද කිම් ජොං-උන් එයට යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here