මැති ඇමතිවරුන්ගේ නිල නිවාසවල හිඟ ජල බිල්පත රුපියල් ලක්ෂ 20 ඉක්මවයි

0
306

තම නිල නිවාස වල ජල බිල්පත් මෙතෙක් ගෙවා නැති මැති ඇමතිවරුන් 30 කගේ එම හිග මුදල් මාසික වැටුපෙන් හෝ විශ්‍රාම වැටුපෙන් වෙන් කර දෙන්නැයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

හිඟ බිල්පත් ගෙවීමට සිටින මැති ඇමතිවරුන් ප්‍රමාණයක් හතලිහක් වන අතර ඔවුන්ගෙන් දස දෙනකු මිය ගොස් ඇති නිසා එම දම දෙනාගේ හිග බිල්පත් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.

එක් මන්ත්‍රීවරයෙකුගේ හිග බිල්පත රුපියල් ලක්ෂ 20 ඉක්මවන බවද මණ්ඩලයෙ ආරංචි මාර්ග කියා සිටියේය.

එම බිල්පත් කඩිනමින් ගෙවන ලෙස දන්වා මෙම සතියේ දී අවසන් නිවේදනද යොමුකර තිබිණි.

ඒ අනුව තවදුරටත් එම බිල්පත් ගෙවීම පැහැර හන මහජන නියෝජිතයන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි විෂයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here