Saturday, September 21, 2024

ඒකාබද්ධ විපක්ෂය කොළඹ වටකර ආණ්ඩුව ගෙදර යවන්න සූදානම් – නාමල් රාජපක්ෂ

ජනසටන පාද යාත‍්‍රාවට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් දහදෙනෙකු අත්අඩංගුවට ගෙන හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ලබන 28දා ආරම්භ කරන ජන සටන පාද යාත‍්‍රාවට බියවී ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් මර්දනය කිරීමට සූදානම් වන බවත්, ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින මන්තී‍්‍රවරුන් නිදහස් පක්ෂයෙන් නෙරපීමට සූදානම් වන බවත්, ඔහු කියයි.

අද (10) උඩුගම්පල ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයාගේ නිවසේ පැවති ජන සටන පාද යාත‍්‍රාව පිලිබද මූලික සාකච්ඡාවේදී මන්තී‍්‍රවරයා මේ බව සඳහන් කළේය.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන පළාත් සභා පාර්ලිමේන්තු , වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයන් ඊට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද කීවේය.

ජන සටන පාද යාත‍්‍රාවට පෙර අපේ මන්තී‍්‍රවරුන් දහ දෙනෙක් අත්අඩංගුවට ගෙන හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ අතර, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අපේ කණ්ඩායම නියෝජනය කරන මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු පක්‍ෂයෙන් නෙරපන්න හදනවා අපි යකාට බයනම් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ. ඔය මොනව කෙරුවත් අපේ ආණ්ඩු විරෝධී සටන නතර කරන්න බෑ. ලක්‍ෂ ගණන් ජනතාව පාරට බස්සලා කොළඹට ගෙනල්ලා මේ ආණ්ඩුව ගෙදර යැවීමේ ජන සටනට අපි නායකත්වය දෙනවා

හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා.

අද මේ ආණ්ඩුව කි‍්‍රයාත්මක කරමින් සිටින්නේ දෙමළ ජාතික සංවිධානය සහ ඉන්දියාවේ උවමනාවයි. විරුද්ධ වන සියලූ දෙනා මර්දනය කරන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. රනිල් සහ මෛතී‍්‍රගේ ආණ්ඩුව ඒ වෙනුවෙන් පොලීසි 2ක් පවත්වාගෙන යනවා. එකක් එෆ්.සී.අයි.ඩී. එක අනික ජනාධිපති කොමිෂම. එකක් මෙහෙයවන්නේ රනිල්, අනික මෛතී‍්‍රපාල මහත්තයා. මෙතන ඉන්න අපි හැමෝම මේ පොලීසි දෙකටම ගිහින් තියෙනවා. ආණ්ඩුවත් එක්ක ඉන්නවනම් මේ මොන ප‍්‍රශ්නයක්වත් නෑ. අපි ඉන්නේ ජනතාවත් එක්ක නිසයි අපිව මෙහෙම මර්ධනය කරන්න හදන්නේ

සීමා නීර්ණය අවසන් නැතැයි කියමින් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දමනවා. මේ සීමා නීර්ණ කටයුතු අපි අවසන් කරලයි තිබුණේ. මේ විදියට ගියොත් මේ ආණ්ඩුවට පාර්ලිමේන්තු මැතිවරණය තියන්න කොච්චර කල් යයිද දන්නෙ නෑ. මේ ආණ්ඩුව රට කරන්නේ මර්ධනයෙන්. චීනෙට බැන බැන ඉන්දියාවට කත් ඇදලා දැන් ආයෙත් චීනෙ ළඟ හතරට නැමිලා වඳිනවා.

රටේ නායකයා දැන් රටේ සිද්ධවෙන දේවල් දැන ගන්නේ පත්තරෙන්. ඉරිදා පත්තරේ සෙනසුරාදා කියවනවා.  විදේශ ඇමති එකක් කියනවා . අගමැති තව එකක් කියනවා. ජනාධිපති මේ දෙකටම නැති මොකක්දෝ එකක් කියනවා. ලෝකයේ ඉතාම අඩු කාලයකින්  පිරිහුණු ආණ්ඩුව තමයි වර්තමාන රනිල් මෛතී‍්‍ර ආණ්ඩුව මේ ආණ්ඩුවට විරුද්ධව අපි දැවැන්ත ජනතා බලවේගයක් ගොඩ නගනවා. ඒ බලවේගය තමයි  මේ පාද යාත‍්‍රාවෙන් ආරම්භ කරන්නේ . පාද යාත‍්‍රාවෙන් කොළඹ වට කරලා අපි මේ ආණ්ඩුවට ගෙදර යන්න බල කරනවා

මෙම රැස්වීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, පවිත‍්‍රා වන්නිආරච්චි, මහින්ද යාපා අබේවර්ධන, ඉන්දික අනුරුද්ධ, ප‍්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි, මොහාන් සිල්වා, යන මන්තී‍්‍රවරුද සහභාගීවූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles