ආගමික චාරිත්‍ර සිදුකළ කාන්තාවන් පස්දෙනෙකුට චීනයේ දී සිරදඩුවම්.

0
630

පවත්නා නීතියට පටහැනිව යමින් ආගමික චාරිත්‍ර සිදුකළ නිරත වූ කාන්තාවන් පස්දෙනෙකුට චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ අධිකරණයක් මගින් සිරදඩුවම් නියම කර තිබේ.

විදෙස් මාධ්‍යය වාර්තා කළේ මෙම කාන්තාවන් පස්දෙනා උයිගුර් ජනවර්ගයට අයත් එකම පවුලක මව, දියණියන් තිදෙනෙකු සහ ලේලිය වන බවයි.

වයස අවුරුදු 70 සිට 33 දක්වා වන ඔවුන්ට වසර 07 සිට 20 දක්වා වන සිර දඩුවම් නියම කර ඇති බව වාර්තා වේ.

ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ දෙවන විශාලතම නගරය වන කොර්ලාහි අධිකරණය මගින් මෙම දඩුවම් නියම කර තිබේ.

චීනයේ ආගම් ඇදහීමට අදාළ නීති දැඩි ලෙස ක්‍රියාත්මක වන අතර විශේෂයෙන් උයිගුර් ජනවර්ගයට අයත් පිරිසට එරෙහිව එම නීති ඉතා දැඩිව ක්‍රියාත්මක බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here