අප්‍රිකාවේ ත්‍රස්තවාදය ගැන වහා අවධානය යොමුකරන්නැයි ඉල්ලීමක්.

0
320
Malian Armed Forces (FAMa) soldiers drive along women and children during the Operation Barkhane in Ndaki, Mali, July 29, 2019. Picture taken July 29, 2019. REUTERS/Benoit Tessier - RC1AB20EB590

අප්‍රිකානු මහාද්වීපයේ අත්ලන්තික් සාගර මායිමේ සිට රතු මුහුද දක්වා වන සොහේල් කලාපයේ ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත ක්‍රියාකාරකම් සදහා මැඩලීම සදහා අන්තර්ජාතික ප්‍රජාවේ අවධානය යොමුවිය යුතු බව ඉන්දියාව අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත ‍ටී එස් තිරැමූර්ති මේ බව සදහන් කළේ 2022 වසරේ පළමු ආරක්ෂක මණ්ඩල සැසිය අමතමිනි.

මොරිටේනියාව, මාලි, බර්කිනාපාසෝ, නයිජර්, නයිජීරියාව, චැඩ්, සුඩානය, එරිත්‍රියාව වැනි රටවල් පිළිබද මෙහිදී අවධානය යොමුකළ යුතු බවත් එම රටවල් ත්‍රස්තවාදයේ බලපෑමට ලක්වෙමින් ඇති බවත් මෙහිදී අවධාරණය කෙරිණ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත ‍ටී එස් තිරුමූර්ති මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, බර්කිනාපාසෝ, චැඩ්, මාලි, මොරිටේනියා සහ නයිජර් යන රටවල් සීඝ්‍රයෙන් අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ බලපෑමට නතුවෙමින් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here