Sunday, September 22, 2024

වගා හානි හමුවේ අස්වැන්න අඩු වූ ගොවීන්ට වන්දි ගෙවන ක්‍රමවේදය වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න

වගා හානි හමුවේ අස්වැන්න අඩු වූ ගොවීන්ට වන්දි ගෙවන ක්‍රමවේදය වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට අභියෝග කරනවා.

පිලිගත හැකි වන්දි ක්‍රමයකට විපක්ෂයේ සහයෝගය ලබාදීමට සූදානම් බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ.

කෙසේවෙතත් සුළු වන්දියක් පමණක් ලැබෙන කිසිදු වැඩපිළිවෙලකට සිය සහයෝගය හිමි නොවන බවද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලා.

සමගි ගොවිජන ප්‍රකාශනය අද පෙරවරුවේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසළ පැවති උත්සවයකයදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වුණා.

එම අවස්ථාවට සමගි ගොවි ජන බලවේගයේ නියෝජිතයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක්ද සහභාගී වුණා.

ඉදිරි සමගි ජන බලවේග රජයක් යටතේ ගොවීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ගන්නා පියවර පිළිබඳ සමගි ගොවි ජන ප්‍රකාශයෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

මෙි අතර උඩරට කැරැල්ල කාලේ සුද්දෝ රටේ ගෙඩි හැදෙන ගහක් ගානේ විනාශ කළ බවත්, කාලිංඝ මාඝ යුගයේ මේ රටේ අතීත ශිෂ්ටාචාරය විනාශ කළ බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, වර්තමාන ආණ්ඩුව රටේ කෘෂිකර්ම ශිෂ්ටාචාරය සහමුලින්ම විනාශ කළ බව පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ පෙරවරුවේ දඹුල්ල නගරාසන්න පැවති සමගි ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමිනි.

පිපිරීම් නවත්තන බව කියා පැමිණි ආණ්ඩුව යටතේ අතට ගන්න ගෑස් සිලින්ඩරය පවා පිපිරෙන තැනට පත්වී ඇති බවත්,එපමණක් නොව පොහොර කෑන් පවා පිපිරෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ඒ මදිවට,ගෙන්වා ඇති දියර පොහොර උහුලන්නට බැරි තරම් දුගදකින් යුක්ත බව කී විපක්ෂ නායකතුමා
ඒ දුගඳ අරලියගහ මන්දිරයට දැනෙන්නේ නැති බවත් , ජනාධිපති මන්දිරයට දැනෙන්නේ නැති බවත්, පාර්ලිමේන්තුවට දැනෙන්නේ නැති බවත් පැවසීය.

ජනතාවගේ දුක වේදනාව දැනෙන ස්නායු ආණ්ඩුවට නැතැයි කී විපක්ෂ නායකතුමා, සීනි වංචාව, පොල්තෙල් වංචාව, කෝවිඩ් ගසාකෑම ඇතුලු මහා දූෂණ වංචා අක්‍රමිකතාවලට ආණ්ඩුව වගකිවයුතු බව පැවසීය. අද වන විට ශ්‍රී ලංකාව දූෂණ දර්ශකයේ අතිශය පහල තැනකට රට පත්වී ඇතැයි ද එතුමා පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles