උදේ සහ දිවා ආහාර පැකට් වල මිල ඉහල යයි

0
380

අවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟ බත් පාර්සලයක විකුණුම් මිල ද ඉහළ යා හැකි බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදනවල මිල ඉහළ යාමට අතරමැදියන් වගකිව යුතු බවයි.

ඔහු තවදුරටත් කියා සිටියේ තමාට ලැබෙන්නේ ප්‍රමිතියෙන් තොර මූලික ද්‍රව්‍ය නිසා, ජනතාවට ප්‍රමිතියෙන් තොර ආහාර සැපයීමට තමාට සිදුවන බවයි.

රුපියල් 60 ත් 80 ත් අතර මිලකට පැවති උදෑසන බත් පැකට්ටුවේ මිල වර්තමානයේ රුපියල් 120 ත් 150 ත් අතර වේ. මීට පෙර දිවා ආහාර පැකට්ටුවක් රුපියල් 130 ත් 150 ත් අතර විය. ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන පරිදි දැනට දිවා ආහාර පැකට්ටුවක මිල රුපියල් 260 ත් 280 ත් අතර වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here