චීන සමාගම් අසාදු ලේඛනගත කරන්නැයි බ්‍රිතාන්‍යය,ඉන්දියාව ඇතුළු රටවල් රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලති

0
291
A Chinese flag flutters in front of the Great Hall of the People in Beijing, China, May 27, 2019. REUTERS/Jason Lee

බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව ඇතුළු රටවල් කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමතුවක් විසින් චීන අයාතනය කිහිපයක් අසාඳු ලේඛනගත කරන ලෙසත් තම රටවල අයෝජකයින් අදාල චීන ආයතනවල අයෝජනය කිරීමට වලක්වන ලෙසත් තම රටවල රජයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එක්මුතුව විසින් මෙම ඉල්ලීම කරනු ලැබ ඇත්තේ එච් එස් බී සී බැංකුව චීනයේ ෂින්ජැන්ග් නිෂ්පාදන සහ ඉදිකිරීම් බලකායට අයත් ආයතනයක කොටස්වලට හිමිකම් කී බවට අනාවරණය වීමත් සමඟයි.

ඒ අනුව රටවල් 10ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 දෙනෙකු සිය රටවල රජයන්ගෙන් චීනයේ ශීන්ජැන්ග් හී උයිගර් මුස්ලිම් ජනතාව තලා පෙලා අමානුෂීක ලෙස නිෂ්පාදන කටයුතු සිදුකරන ආයතනව ආසාඳ ලේඛණගත කරන ලෙසට ඉල්ලා තිබේ.

අදාල පාර්ලිමේන්තු මන්ත්‍රී එකමතුව පෙන්වාදෙන ආකාරයට එච් එස් බී සී බැංකුව ශීන්ජැන්ග් හී ප්ලාස්ටික් නිෂ්පාදන කටයුතු කරන සමාගමක බි්‍රතාන්‍ය පවුම් මිලියව 2.2ක් වටිනා කොටස් මිලදීගෙන ඇති බවයි.

අදාල කාලාපයේ ස්ථාපිත චීන සමාගම් උයිගර් මුස්ලිම් ජනතාව සිරකරුවන් ලෙස තබා ගනිමින් ඔවුන්ගෙන් වහලුන් සේ සේවය ලබා ගැනීම සිදුකරන බවට චෝදාන එල්ලවෙයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේදී දැඩි වශයෙන් කතා බහටද ලක්වූ අතර ඇමරිකාව 2020 වර්ෂයේදී සම්බාදක පැනවීමද කරනු ලැබීය.

චීනය ගෙන යන මෙම අමානුෂික ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් සංවිධානයේදී කතා බහට ලක්වුවද ඒ සම්බන්ධයේ මේවන තෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here