Saturday, September 21, 2024

ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ආ පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට ආ යෝජනාවට කිසිවෙකු පක්ෂ වෙලා නෑ

අමාත්‍යධූරයක් නොදරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව විය යුතු බවට වූ යෝජනාවක් එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් වී තිබේ.
පසුගිය 24 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මධ්‍යම කාරක සභාවට මෙම යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
නමුල් එහිදී එම පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු යෝජනාවට එකඟතාවය පළ කර නැත.

එහිදී අදහස් පළ කර ඇති එම පක්ෂයේ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව වැරදි ගමනක් යන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශවකරුවෙකු ලෙස එය නිවැරැදි කිරීම කළ යුතු බවයි.

මැතිවරණයක් පැවැත්වීමට කිසිදු සූදානමක් නැති අවස්ථාවක පොරටෝක් දීමෙන් හෝ ආණ්ඩුවේ වැරදි ජනතාව ඉදිරියේ පැවසීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය ලබා දේය යන මානසිකත්වයෙන් පක්ෂය ඉවත් විය යුතු බවද ඔහු සඳහන් කර තිබේ.

මේ අතර වාර්තා වන්නේ එම මධ්‍යම කාරක සභාවෙන් පසු පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩු විරෝධී අදහස් දැක්වීමෙන් වැලකී සිටින පක්ෂයේ මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles