Sunday, September 22, 2024

මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව තද සුළං..

දිවයිනහරහා සහ අවට මුහුදු ප්‍රදේශවල අද දිනයේ විටින් විට තද සුළං තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝමිටර් 60 – 70ත් දක්වා වැඩි වන අතර මුහුද රළුවිමේ හැකියාවක් ද පවතින බව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර නාත්තන්ඩිය නගරය හරහා හමාගිය තඳ සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස කිහිපයකට හානි සිදුව තිබේ.

ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතියට ද සුළඟින් හානි සිදුව ඇති බව  වාර්තාකරු සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles