ලෝක වෙළඳපොලේ රන් මිල පහත වැටෙයි

0
278

ගත වූ සතිය තුළ ලෝක වෙළඳපොලේ රන් මිල පහත වැටී තිබේ.

ඇමෙරිකානු එක්සත් ජනපද මධ්‍යම සංචිතය විසින් පොලී අනුපාත ඉහළ නැංවීමේ බලාපොරොත්තුව මත ඩොලරය ශක්තිමත්වීම නිසා මෙලෙස මිල පහළ වැටීම සිදුව තිබෙනවා.

රන් අවුන්සයක මිල මේ සතිය තුළ 2.5 % කින් පහත වැටී තිබුණු අතර ඒ අනුව ඩොලර් 1785 යි ශත 71 ක් ලෙස මිල සටහන් වී තිබුණා.

මෙලෙස රන් අවුන්සයක මිල ඩොලර් 1800 ට වඩා පහත වැටුණ ද ස්වර්ණාභරණ, කුඩා රන් කැබලි සහ රන් කාසි සඳහා පවතින ඉල්ලුම හේතුවෙන් මේ වසර තුළ රන් මිලෙහි ස්ථාවර බවක් අපේක්ෂා කළ හැකි බවයි ලෝක රන් මණ්ඩලය පවසන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here