පුෂ්පිකාට කළ චෝදනාවන්ට එරෙහිව රෝසි නඩු මගට යයි

0
271

පසුගිය දිනක අන්තර්ජාල නාලිකාවක් හා එක්වෙමින් මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක විවාහක රූ රැජිණ කිරුළ තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය රෝසි සේනානායක මහත්මියට සහ මිසිස් වර්ල්ඩ් සංවිධානයට එරෙහිව චෝදනා එල්ල කර සිටියා.

මේ සම්බන්ධයෙන් රෝසි සේනානායක මහත්මිය යූටියුබ් නාලිකාවට සහ එම සාකච්ඡාවට සහභාගි වූ පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දන්වා තිබේ.

හිටපු ලෝක රූ රැජිණ  රෝසි සේනානායක මහත්මිය විසින් තමාට  හිමි වීමට තිබූ ලෝක විවාහක රූ රැජිණ කිරුළ අහිමි කළ බවට එහිදී චෝදනා එල්ල කළේය.

ලෝක විවාහක රූ රැජිණ තරගාවලියට  සහභාගී පුෂ්පිකා ද සිල්වා මහත්මිය  අවසන් 6 දෙනා අතරට තේරී පත්විය.

එහිදී ඇතැම් විනිසුරුවරුන් තමාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව ඇය පවසයි. එහෙත් අවසන්  මහා තරඟයට සහභාගි වුණු රෝසි සේනානායක මහත්මිය අදාළ විනිසුරුවන්ගේ තීරණයට බලපෑම් කිරීමට කටයුතු කළ බවට ඇය සැක කරන බව  එම වැඩසටහනේදී පැවසීය.

එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් රෝසි සේනානායක මහත්මිය අදළ යූටියුබ්  නාලිකාවට, එහි හිමිකරුට සහ ඒ සඳහා සහභාගි වූ තැනැත්තියට එරෙහිව සිවිල් අපහාස නඩුවක් ගොනු කරන ලෙස තම නීතිඥවරයාට උපදෙස් ලබාදුන් බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here