Saturday, November 16, 2024

තත්පරයකට Face Masks 50,000 ක් පරිසරයට – ලෝක බැංකු දත්ත අනාවරණය කරයි

ලෝක බැංකු දත්ත අනුව ගතවන සෑම තත්පරයකදී ම භාවිත කළ මුව ආවරණ (Face Masks) පනස් දාහක් පරිසරයට එක්වන බව පරිසරවේදී සුපුන් ළහිරු ප්‍රකාශ් පැවසීය.

එම සංඛ්‍යා දත්ත හෙළි කරන අයුරින් ලෝකය පුරා ම ගතවන සෑම මිනිත්තුවකදී ම මුව ආවරණ ලක්ෂ තිහක් පරිසරයට මුදා හැරෙන බව ද හෙතෙම කීය

මාසයකට මුව ආවරණ බිලියන එකසිය විසි නවයක් පරිසරයට මුදා හැරෙන බව ද ඔහු පැවසීය.

අක්‍රමවත් අයුරින් පරිසරයට මුදා හැරෙන මුව ආවරණ බිලියන 1.56ක් වසරකට මුහුදට එක්වන බව හෙළි වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ය. 

එය දළ වශයෙන් ගණන් බැලූ විට හොඳින් වැඩුණු නිල් තල් මසුන් හැට දෙදෙනෙකුගේ ශරීර ප්‍රමාණයට සමාන වන බව ද ඔහු කීය.

වසංගත ආරම්භ වූ පසු මුහුදට එක් වන සායනික අපද්‍රව්‍ය ප්‍රමාණය සියයට 87කින් ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකු සංඛ්‍යා දත්ත ඔස්සේ හෙළි වන බව ද සුපුන් ළහිරු ප්‍රකාශ් පැවසීය.

ලොව පුරා මුව ආවරණ භාවිත කරන බහුතරයක් පාහේ ඒවා පාවිච්චියෙන් පසු විධිමත් අයුරින් බැහැර නොකෙරෙන බව හෙළි වී ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය.

අවිධිමත් ලෙස මුව ආවරණ බැහැර කිරීම් නිසා සතුන්ගේ ක්‍රියාකාරකම් හා චර්යාවන්ට බාධාවක් පමුණුවනවා පමණක් නොව ඔවුන්ගේ ජීවිතවලට පවා හානි ගෙන දෙන බවද සුපුන් ළහිරු ප්‍රකාශ් පැවසීය.

එක් වරක් පමණක් භාවිත කොට ඉවත් කෙරෙන මුව ආවරණ නිපදවන පොලිප්‍රොපිලීන් දහනය වූ ඉන් නිකුත් වන දුම ආඝ්‍රාණයෙන් පෙනහලුවලට හානි ගෙන දෙන රෝග ඇතිවන බව ද ඔහු කීය.

මෙි අතර මුහුණු ආවරණ විධිමත්ව බැහැර කිරීම පිළිබඳව ජනතාව නිසි අවධානයක් යොමු නොකළ බැවින් මාසයකට මුහුණු ආවරණ ලක්ෂ තුන්සියයක් පමණ ගොඩගැසෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මුහුණු ආවරණවල ඇති ප්ලාස්ටික් කොටස ඉවත් කර ඉතිරි වන කොටස නිවාස ආශ්‍රිතව පුලුස්සා දැමීමට හෝ කටයුතු කරනවානම් මෙම තත්ත්වය යම් තරමකට හෝ කළමනාකරණය කර ගත හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

පළාත් පාලන ආයතනවලින් මේ වන විට මුහුණු ආවරණ එකතු කිරීමට උපදෙස් ලබාදී ඇති බවත් එහිදී මුහුණු ආවරණ අනෙකුත් කසළවලින් වෙන්ව එකතු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles