දකුණු ආසියාවේ ඔමික්‍රෝන් රැල්ලක් ඇතිවීමෙි ප්‍රවණතාව ඉහළයි – නවතම සමීක්ෂණ වාර්තාවක් කියයි

0
245

ගෝලීය වශයෙන් ඔමික්‍රොන් වෛරසය උච්චවීම පසු වී ඇති බව කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතාගේ සිදු කළ සමීක්ෂණයකින් තහවුරු කර තිබේ.

ඉදිරි සති දෙක තුළ මෙය සනාථ වන බව ඒ මහතා කියයි.

නිර්දේශිත සෞඛ්‍ය නීති තදින් අනුගමනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවධාරණය කර තිබේ.

ළඟදී ප්‍රබල නව ප්‍රභේදයක් බිහි නොවුණොත් ලබන ජුලි, අගොස්තු වන විට කොරෝනා වසංගතය ආවේනික රෝගයක් ලෙස පාලනය කළ හැකි වනු ඇතැයි ද විද්වත් මතය බව ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්තානයෙන් වාර්තාවන නව දත්තවලට අනුව ආසියා කලාපයේ ප්‍රබල ඔමික්‍රොන් රැල්ලක් ඇති වීමේ ප්‍රවණතාව තවමත් ඉහළ බවට අනතුරු හැඟවිය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here