විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද යළි රැස්වී සාකච්ඡා කිරීමට නියමිතයි.
ලංකා විදුලි බල මණ්ඩලය, දින කිහිපයකට විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබාදෙන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් මීට පෙර ඉල්ලීම් කර තිබූ අතර ඉකුත් දා පැවති සමාලෝචනයෙන් අනතුරුව අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සදහා අවසර නොදීමටයි එම කොමිෂන් සභාව තීරණය කළේ.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ විදුළි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍යතාවක් නොවනු ඇති බවයි.
කෙසේවෙතත් මේ සම්බන්ධ තීරණය අද පස්වරුවේ දැනුම්දෙන බව ජනක රත්නායක මහතා සදහන් කළේය.