Saturday, September 21, 2024

ජනවාරි මාසයේ සංචාරයකයින්ගේ පැමිණීමෙි වර්ධනයක්

මේ වසරේ ජනවාරි මාසයේ දී මෙරටට සංචාරකයින් 76,536 දෙනෙකු පැමිණ තිබේ.

ඉන් 12,368 දෙනෙකු පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය යන රටවලින් මීළඟට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව සංචාරකයන් සැළකිය යුතු පිරිසක් පැමිණ ඇති අනෙකුත් රටවල් වන්නේ පෝලන්තය, මාලදිවයින සහ කසක්ස්ථානයයි.

පසුගිය වසරේ ජනවාරි මාසයේදි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සංචාරකයින් 1,682 ක් පමණයි.

මෙම වසරේදී ලක්ෂ 11 කට වැඩි සංචාරකයින් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ වෙතත් ඩුබායිහිදී පැවැත්වෙන Expo 2020 ප්‍රදර්ශනයට පසුගිය ජනවාරි 03 දා සහභාගි වූ සංචාරක අමාත්‍යවරයා 2022 වසරේදී සිය සංචාරක ඉලක්කය ලක්ෂ 23ක් බව පවසා තිබුණි. ඒ අනුව මෙම සංචාරක ඉලක්කය අඩකින් කපා හැරීමක්සිදුව තිබේ.

මේ අතර 2022 වසරේදී මෙරටට පැමිණෙතැයි අපේක්ෂා කෙරෙන ලක්ෂ 11ක් පමණ වන සංචාරකයන් සංඛ්‍යාව වැඩි කරගැනීම සදහා රජය කෙටි කාලීන, මධ්‍ය කාලීන මා දිගු කාලීන වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිර යාමත් සමග ලෝකයේ සංචාරක ව්‍යාපාරයට යළි බාධාවන් එල්ල වි තිබුණ ද ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වයත් සමග සංචාරකයන්ගේ වැඩි අවධානය ශ්‍රී ලංකාවට යොමුව ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles