Saturday, September 21, 2024

බූස්ටර් එන්නත ලබාදීමෙි ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන අද සිට ක්‍රියාත්මකයි !

බූස්ටර් එන්නත ලබාදීමේ ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන අද (31) සිට ක‍්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව රාජ්‍ය ආයතන, පෞද්ගලික රැකියා ආයතන, දුම්රියපළවල්, බස් නැවතුම්පළවල් හා ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන අසළට ජංගම එන්නත්කරණ රථ මගින් බූස්ටර් එන්නත ලබාදීමට කටයුතු කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මීට අමතරව නිවෙස් වෙතද ජංගම එන්නත්කරණ රථ යවා මෙතෙක් බූස්ටර් එන්නත ලබා නොගත් ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම පවසා සිටී.

“ඉකුත් සති තුන හතර තුළ කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. තාමත් බූස්ටර් එන්නත ලබාගෙන නැති ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉක්මනින්ම මේ බූස්ටර් එන්නත ලබා ගන්න කියලයි. ජනාධිපතිතුමාගේ උපදෙස් මත යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව යොදවලා හැම පුරවැසියකු ළඟටම ගිහින් මේ බූස්ටර් එන්නත ලබාදීමේ කටයුත්ත අපි අද (31) ඉඳලා ආරම්භ කරනවා. අපිට ඕන රටේ ජනතාව කොවිඩ්වලින් බේර ගන්නයි. ළඟටම ඇවිත් එන්නත ලබාදෙන වැඩෙන් ප‍්‍රයෝජන ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

යනුවෙන් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අදහස් පළ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles