Saturday, September 21, 2024

අනුරගේ වාහනයට බිත්තර ගැහුව සිද්ධියට මම සම්බන්ධ නෑ – ඇමති ප්‍රසන්න

ඊයේ (30) ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමකට පැමිණි අනුර කුමාර දිසානායක මහතාගේ වාහනයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ලකිරීමේ සිද්ධියට තමාගේ සම්බන්ධයක් නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා.

ඇමතිවරයාට එල්ලවන මෙම චෝදනාව සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙි සටහනක් තබමින් මෙි පිළිබඳව එලෙස සඳහන් කර ඇත.

මෙම සිද්ධියට තමන් සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රචාර දැඩිලෙස ප්‍රතික්ෂේප කරන බවත් මෙම ප්‍රහාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස තමන් දැඩි ලෙස හෙළා දකින බව ද ඔහු සිය ෆේස් බුක් සටහන මගින් අවධාරණය කරයි.

ඇමතිවරයාගේ ෆේස්බුක් සටහන පහතින්,

මෙි අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයාට හා පොලිස්පතිවරයාට හා ලිපි යවා ඇත.

එම ලිපි මගින් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා අවධාරණය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව රටේ ඕනෑම ප්‍රදේශයක දේශපාලන රැස්විමක් පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමන් පිළිගන්නා බවත් ඊට ගරු කරන බවත්ය. ගම්පහ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාව මෙවැනි පහත් පෙළේ ක්‍රියා කිසිසේත් අනුමත නොකරන බවත් ඒ නිසා මේ සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාති පරික්ෂණයක් පවත්වන ලෙසද එම ලිපිවල දක්වා ඇත.

මෙම බිත්තර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ට හා ඊට අනුබල දුන් පුද්ගලයන්ට ද ඔවුන්ගේ තරාතිරම නොබලා දැඩි දඩුවම් පමුණුවන ලෙස ද රණතුංග මහතා සිය ලිපි මගින් ඉල්ලා තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙි වනවිට පුද්ගලයන් දෙදෙනෙක් නිට්ටඹුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles