Sunday, September 22, 2024

දුම්රිය දෙපාර්තමේන්තුව විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් සේවයට කැඳවීමේ තීරණයක්

විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට කැඳවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ, පවතින දුම්රිය නියාමකවරුන්ගේ හිගය හේතුවෙන් දිගින් දිගටම සිදුවන දුම්රිය ගමන්වාර අවලංගු වීම සැලකිල්ලට ගනිමින්. ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව මේවනවිටත් කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඒ සඳහා අද හෝ හෙට දිනයේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවනු ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.

පවතින තත්ත්වය හමුවේ දුම්රිය නියාමකවරුන්ට හදිසි නිවාඩුවක් හෝ අසනීප නිවාඩු වාර්තා කිරීමට ද නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ ඒ සඳහා යෙදවීමට නියාමකවරුන් නොමැතිවීමයි. මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් ලෙස දුම්රිය නියාමකවරුන් සේවයට බඳවා ගැනීම සඳහා වන ලිඛිත විභාගයට අවශ්‍ය ලියකියවිලි සකස් කර ඒවා වසර එකහමාරක කාලයක් පුරා විභාග දෙපාර්තමේන්තුවේ පවතිනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙලෙස විශ්‍රාමික නියාමකවරුන් සේවයට කැඳවීමක් සිදුකර තිබෙනවා. එහෙත් මාස 10 කට ආසන්න කාලයක් ඔවුන්ට වැටුප් ලබාදීම සිදුකර නැහැ. ඒ, ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය නොලැබීම හේතුවෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles