මේ වෙලාවේ A/L තිබ්බෙ නැත්නම් අවුරුදු ගාණකට තියන්න වෙන්නේ නෑ

0
289

ඔමික්‍රෝන් වෛරසය අනපේක්ෂිත අන්දමින් ශීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බැවින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නියමිත කාලසටහන අනුව පැවැත්වීමට අපොහොසත් වුවහොත් එම විභාගය පැවැත්වීම තවත් වසර කිහිපයකින් කල්දැමීමට සිදුවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු පැවසීය.

කල් දැමිය නොහැකි සහ කල් නොදැමිය යුතු දේවලට ප්‍රමුඛතාව ලබාදෙමින් අ.පො.ස. උසස් පෙළ විභාගය කඩාකප්පල් වීමට ඉඩ නොතබා නියමිත දිනවල පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන් දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයි විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු අවධාරණය කළේ ය.

පාසල්වල සෙසු පන්තිවල සිසුන්, දැනට පවතින අවදානම් සහගත වාතාවරණය යටතේ ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් නිවාඩුව ලැබෙන තෙක් දරුවන්ට ‘ඔන්ලයින්’ අධ්‍යාපනය ලබා දීම වැදගත් බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සහ සෙසු පාසල් දරුවන් මෙම භයානක වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු සියලු ම ක්‍රියාමාර්ග නොගතහොත්, එම දරුවන් අනිවාර්යයෙන් ම මෙම උවදුරට ගොදුරුවන බවට ද විශේෂඥ වෛද්‍යවරයා අනතුරු ඇඟවීය.

පවතින තත්ත්වය තුළ රෝහල් කාර්ය මණ්ඩලවලටද වෛරසය බෝවීම නිසා, සෞඛ්‍ය ධාරිතාව ද අඩුවෙමින් පවතින බව සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here