Monday, September 23, 2024

කෙතරම් දුෂ්කර කාලයකට පැමිණිය ද එය සංවර්ධනයට බාධාවක් නෙවෙයි

කෙතරම් දුෂ්කර කාලයකට පැමිණිය ද එය සංවර්ධනයට බාධාවක් නොවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

රජය දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින නමුත් එය නිදහසට කරුණක් නොවන බව ඔහු සඳහන් කළා.

උත්සවයකට එක්වෙමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

තවද, රජය දැනටමත් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම ආරම්භ කර ඇති බවත්, පෙබරවාරි 3 වනදා ව්‍යාපෘති 100,000 ක් දියත් කිරීමට නියමිත බවත් ඔහු පැවසුවා.

සෑම ප්‍රාදේශීය කොට්ඨාසයකටම රජය රුපියල් මිලියන 3ක් වෙන් කර ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

වත්මන් රජය රට සංවර්ධනය කිරීමට අවධානය යොමු කරන රජයක් බවත්, එවැනි ව්‍යාපෘති අතර මාර්ග ව්‍යාපෘතිය, වාරි ව්‍යාපෘති සහ ක්‍රීඩා ව්‍යාපෘති තිබෙන බව අමාත්‍යවරයා අවධාරණය කළා.

මෙමඟින් ව්‍යවසායකයින් බිහි කිරීමට හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles