පාකිස්තානයේ ජනමාධ්‍යවේදියෙකු ඝාතනය කෙරේ.

0
348

පකිස්තානයේ සින්ද් හි සන්ගහාර් ප්‍රදේශයේ දී ජනමාධ්‍යවේදියෙකු ඝාතනයට ලක්ව තිබේ.

එරට වාර්තා සදහන් කළේ , මුර්ටාසා ෂහාර් නම් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීයෙකු මෙළෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

යතුරැපැදියකින් පැමිණි තුවක්කුකරැවෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඔහු ගිනි අවිය ද සමග අත්අඩංගුවට ගෙන ඇති බවත් ආරක්ෂක අංශ පවසයි.

පකිස්තානය ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලු සහිත රටක් බවට පත්ව ඇති අතර 2021 වසරේ දී එරට ජනමාධ්‍යවේදීන් 63 දෙනෙකු පමණ ඝාතනයට ලක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here