ඇමරිකාවේ නව නීතියකින් චීනයේ උයිගුර්වරැන්ට විශේෂ ආරක්ෂාවක්

0
580

ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පසුගියදා සම්මත කරගත් ඇමරිකා තරගකාරී පණත විසින් චීනයේ උයිගුර්වරුන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා විධි විධාන රැසක් ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

ෂින්ජියැන්ග් හි උයිගුර්වරුන්ට සහ අනෙකුත් වාර්ගික සුළුතරයන්ට හිංසා කිරීම ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන කටයුතුවලදී චීනයට අභියෝග කිරීමට අදාළ නීති මෙම පනතට ඇතුළත් වන බව සදහන් වේ.

.මෙම පනතට මුස්ලිම් උයිගුර්වරුන්ට, අමතරව ටිබෙට්වරුන්ට සහ හොංකොන් වැසියන්ට චීනය සලකන ආකාරය ට ප්‍රතිචාර දැක්වීමට අදාළ නව විදේශ ප්‍රතිපත්ති විධිවිධාන ගණනාවක් අඩංගු වන බව පැවසේ.

පනත පිළිගනිමින් ලෝක උයිගුර් කොංග්‍රසයේ ප්‍රධානී ඩොල්කුන් ඉසා කියා සිටියේ මෙම පනත සම්මත කිරීම චීනයේ උයිගුර්වරුන් සමූල ඝාතනය කිරීම නැවැත්වීමට උපකාරී වනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here