එක් දරු ප්‍රතිපත්තියෙන් චීනය අමාරුවෙි වැටෙයි.

0
377

දීර්ඝ කාලයක් තිස්සේ චීනය විසින් අනුගමනය කළ එක්දරු ප්‍රතිපත්තිය හේතුවෙන් මේ වනවිට එරට තුළ දැඩි අර්බුදයක් මතුව ඇති බව වාර්තා වේ.

වැඩිහිටි ජනසංඛ්‍යාව විශාල ලෙස ඉහළ යාමත් තරැණ ජන සංඛ්‍යාව සාපේක්ෂව අඩුවීමත් මෙම තත්ත්වයට හේතුව බව පැවසේ.

එක්දරැ ප්‍රතිපත්තිය වෙනස් කර ඇතත් පවතින මහල් නිවාසවල පදිංචි විමේ ප්‍රවණතාවය හේතුවෙන් ඇතැම් පවුල් වැඩි දරැවන් සංඛ්‍යාවක් බිහිකිරීමට කැමැත්තක් නොදක්වන බව ද චීන වාර්තා සදහන් කරයි.

මේ අනුව 2020 මිලියන 12.02 ලෙස සටහන් වූ උපත් සංඛ්‍යාව 2021 වසරේ දී මිලියන 10.62 ක් තරම් අඩුවී ඇතැයි ද සදහන් වේ.

මේ හේතුවෙන් ඉදිරියේදී චීනය ජනගහනය ආශ්‍රිත ගැටලු රැසකට මුහුණ දෙනු ඇති බවත් ඒ අනුව ආර්ථික ගැටලු රැසක්ද මතුවනු ඇති බවත් විශේෂඥයෝ පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here